කෙහෙළිය නැවත රිමාන්ඩ්

April 08, 2024 - 1:05 PM
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අප්‍රේල් 22 වන දින දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම නියෝගය ලබා දී ඇත්තේ අද (08) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඔහුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අන්දෝලනයකට ලක් වූ ප්‍රතිදේහ එන්නත් වංචා සිදුවීම සම්බන්ධයෙන් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති බව වාර්තා වනවා.

(lknews.lk)