කෙහෙළියගේ පුත්‍රයා අල්ලස් කොමිසමට
May 21, 2025 - 10:13 AM
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල අද (21) ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබෙනවා.
අල්ලස් කොමිසම විසින් 'දූෂණය' නැමති වරද සිදුකළ බවට සැකපිට පැමිණිලි 3කට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ලබන 03වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ඊයේ (20) නියෝග කළා.
අදාළ නඩුකරවල සැකකරුවක් ලෙස කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල නම් කිරීමටද මහෙස්ත්‍රාත්වරිය එහිදී අල්ලස් කොමිසමට අවසර ලබාදී තිබෙනවා.
(lknews)