කෙහෙළිය රඹුක්වැල්ල CIDයට

February 02, 2024 - 11:12 AM
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කිරීමට අදාළ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී අධිකරණය මෙම නියෝගය ලබා දී ඇති බවයි.
(lknews.lk)