කැලණිය සරසවිය වැසෙයි

December 04, 2023 - 5:07 PM
වෛද්‍ය පීඨයේ හැර කැලණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (04) පස්වරු 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි කැලණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු අත්හිටුවා ඇති බවයි පාලනාධිකාරිය සඳහන් කළේ.

හෙට උදෑසන 5.00ට පෙර සියලු සිසුන් සිය නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු බවට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම නැවත දැනුම්දෙන තෙක් සිසුන්ට විශ්වවිද්‍යාලයට අයත් පරිශ්‍රයන් සහ සියලුම නේවාසිකාගාර තහනම් බව පාලනාධිකාරිය පැවසුවා.

සිසුන් පිරිසක් විසින් එහි ආරක්ෂක නිලධාරියෙකු විවේකාගාරයේ සිටියදී ඔහු පැහැරගෙන ගොස් ප්‍රවේශ ගේට්ටුවක ගැට ගසා තැබීමේ සිදුවීමකට අදාළව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

අදාළ සිසුන් පිරිසට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටද නියමිතව තිබෙනවා.
(lknews.lk)