කැලණිය සරසවිය විවෘත වෙයි

December 17, 2023 - 6:20 PM
කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දමා තිබූ සෙසු පීඨවල අධ්‍යයන කටයුතු හෙට (18) සිට යළි ආරම්භ කෙරෙන බව උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය පවසනවා.

මානව ශාස්ත්‍ර පීඨයේ සහ සමාජ විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු මෙලෙස ආරම්භ කෙරෙන බව උපකුලපතිවරිය කියා සිටියේ.

ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකුට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 05 වැනිදා කැලණිය විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා තාවකාලිකව වසා දැමුණා. 
(lknews.lk)