චාල්ස් රජුට පිළිකාවක්

February 06, 2024 - 10:45 AM
3 වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

මේ වන විට චාල්ස් රජුට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චාල්ස් රජුගේ මෙම අසනීප තත්ත්වය හේතුවෙන් සියලු මහජන කටයුතු කල් දමා ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.
(lknews.lk)