King Khanගේ JAWAN ලොව පුරා තිරගත වීම ඇරඹේ

September 08, 2023 - 2:49 PM
සිනමා රසිකයින් වෙත නවමු අත්දැකීමක් ගෙන එමින් බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය JAWAN, අද (07) සිට ලොව පුරා සිනමාශාලාවල තිරගත වීම ආරම්භ වුණා.

Atlee විසින් අධ්‍යක්ෂණය කර ඇති JAWAN චිත්‍රපටය Red Chillies Entertainment යටතේ ගෞරි ඛාන් විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

එහි සම නිෂ්පාදනයෙන් දායක වී ඇත්තේ ගෞරව් වර්මා යි.

නයනතාරා, විජෙයි සේතුපති සහ විශේෂ චරිතයක් ලෙසින් දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වන JAWAN චිත්‍රපටයේ ශාරුක් ඛාන් ද්විත්ව චරිත නිරූපණය කරනු ලබනවා.

ත්‍රාසජනක චිත්‍රපටයක් වන JAWAN , අද සිට හින්දි, දෙමළ සහ තෙළිඟු යන භාෂාවන් ත්‍රිත්වයෙන්ම ලොව පුරා තිරගත වීම ආරම්භ වන අතර ශ්‍රී ලාංකික සිනමා රසික රසිකාවියන්ට ද මෙම නවමු අත්දැකීම විඳ ගැනීමට අවස්ථාව හිමිවනවා.

ඒ අනුව සැවෝයි සිනමාශාලා හරහා අද සිට JAWAN චිත්‍රපටය රස විඳීමට මෙරට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලැබී තිබෙනවා
(lknews.lk)