ෆොන්සේකාට කතා කරන්න නොදුන් හේතුව කිරිඇල්ල කියයි

June 23, 2024 - 5:43 PM
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමඟි ජන බලවේගයෙහි සභාපති ලෙස සිටිමින් පක්ෂයට එරෙහිව නඩු දැමීම නිසා අදහස් දැක්වීමට පාර්ලිමේන්තු කාලය ලබා නොදීමට තීරණය කළේ තමා බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

අදාළ තීරණය ගනු ලැබුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නොව තමා යැයිද කී ඔහු පක්ෂයට එරෙහිව නඩු දැමූ අයට කතා කිරීමට වේලාව ලබාදීමට තරම් තමන් නිවටයෙක් නොවේ ද යැයි කීය.

බොහෝ තැන්වල පක්ෂය හා පක්ෂ නායකත්වය විවේචනය කරන ඔහු එලෙස බැණ වදිමින් යන බවත් එවැනි අයට පාර්ලිමේන්තුවේදී කෙලෙසකවත් අදහස් පළ කිරීමට ඉදිරියේදී ද අවස්ථාවක් ලබා නොදෙන බවත් කිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
(lknews.lk)