කෝලි සහ ෂර්මා විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියට සමුදෙයි

June 30, 2024 - 11:10 AM
ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි ප්‍රකාශ කළේ තමන් 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බවයි.

කෝලි 20යි 20 ජාත්‍යන්තර තරග 125කට මුහුණ දී ඇති අතර එම තරගවලදී රැස්කළ මුළු ලකුණු සංඛ්‍යාව 4,188ක්.

35 හැවිරිදි කෝලි විසින් 20යි 20 ජාත්‍යන්තර තරගයකදී රැස්කර ඇති වැඩිම ලකුණු ප්‍රමාණය 122ක් ලෙසයි වාර්තා වෙන්නේ.

ඊයේ පැවති ලෝක කුසලාන 20යි 20 අවසන් මහා තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමටද විරාත් කෝලි සමත්විය.

මේ අතර ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා ඊයේ අවසන් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී තමන් 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව නිවේදනය කළා.

ෂර්මා මුහුණ දුන් 20යි 20 ජාත්‍යන්තර තරග 159ට රැස්කළ ඇති මුළු ලකුණු ප්‍රමාණය 4,231ක්.

ෂර්මා විසින් ශතක 05ක් රැස්කළ ඇති අතර අර්ධ ශතක 32ක් රැසක් කර තිබේ.

20යි 20 ජාත්‍යන්තර තරගයකදී ෂර්මා විසින් වාර්තා කර ඇති හොඳම ලකුණු ප්‍රමාණය වන්නේ 121කි.
(lknews.lk)