කොම්පඤ්ඥවීදියේ ගුවන් පාලම විවෘත කරයි

April 08, 2024 - 12:41 PM
කොම්පඤ්ඥවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම අද (08) ජනතා අයිතියට පත් කර තිබෙනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහි ඉතිරි වැඩකටයුතු නුදුරේදී අවසන් කිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය සඳහා වැය වී ඇති මුදල රුපියල් 5,278,081,272.43ක් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.


(lknews.lk)