සීගිරියට කොරියාවෙන් රුපියල් බිලියන 2.4ක ආධාරයක්
December 29, 2024 - 2:56 PM
ලෝක උරුමයක් වන සීගිරියේ සංරක්ෂණ කටයුතු පුළුල් කර සංචාරක ආකර්ෂණය වැඩිදියුණු කිරීම සඳහා රුපියල් බිලියන 2.4ක විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙනවා.
ඒ කොරියානු අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (KOICA) විසින්.
මේ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිතව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධීක්ෂණයෙන් සීගිරියට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරීම, විකල්ප ප්‍රවේශ මාර්ගයක් ඉඳි කිරීම, සීගිරි කෞතුකාගාරය, ආපන ශාලාව සහ ප්‍රවේශපත් කවුළුව සංවර්ධනය කිරීම යන යෝජනා රැසක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ උපදෙස් මත මධ්‍යම සංස්කෘතික අරමුදල සහ කොරියානු අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය අතර අවබෝධතා ගිවිසුමක්ද අත්සන් තැබීමට යෝජනා වී තිබෙනවා.
(lknews)