ශ්‍රී ලංකාවේ සංවර්ධනට කොරියාවේ සහය
October 04, 2024 - 12:11 PM
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබෙනවා.
කොරියානු එක්සීම් බැංකුවේ නිලධාරීන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ජනාධිපති කාර්යාලයේදී ඊයේ (03) හමුවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටුණු අවස්ථාවේදී කොරියානු එක්සීම් බැංකුව ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දුන් මූල්‍ය සහය 2022 -2024 වසරවලදී අත්හිටුවා තිබූ අතර, එම සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම සඳහා සහන පොලී ණය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව කොරියානු එක්සීම් බැංකුවේ නියෝජිතයන් ජනාධිපති ලේකම්වරයා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකා රජයේ ආර්ථික වශයෙන් ඵලදායී වැඩසටහන් සඳහාද ඉදිරියේදී මූල්‍ය සහය ලබාදීමට බලාපොරොත්තු වන බවද කොරියානු එක්සීම් බැංකුවේ නියෝජිතයන් අවධාරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)