කොරියානු භාෂා පරීක්ෂණයේ ප්‍රවේශ පත්‍ර අද සිට

February 26, 2024 - 10:00 AM
2024 වසරේ කොරියානු භාෂා පරීක්ෂණයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද (26) සිට 29 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කෙරෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වෙත පිවිස registration for point system examination- 2024 හරහා අයදුම්කරුවන් සිය තොරතුරු ඇතුළත් කළ යුතු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එම වෙබ් අඩවිය පහතින්,

http://www.slbfe.lk/