කොතලාවල නව උපකුලපති සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

September 13, 2023 - 1:40 PM
රියර් අද්මිරාල් ධම්මික කුමාර මහතා විසින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාව පසුගියදා (11) කොළඹ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී හමුවී තිබෙනවා.

ඒ, ධම්මික කුමාර මහතා ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට උපකුලපතිවරයා වීමෙන් පසුවයි.

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි උපකුලපතිවරයා රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගෙන තිබෙනවා.

එහිදී අමාත්‍යතුමා විසින් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය තවදුරටත් තත්වයෙන් උසස් වනු ඇතැයි අපේක්‍ෂා කරන බවද ප්‍රකාශ කර තිබුණා.
(lknews.lk)