දක්ෂිණ අධිවේගයේ කොට්ටාව පිවිසුම යළි විවෘත වෙයි

September 10, 2024 - 9:53 AM
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසලදී වාහනයක් ගිනි ගෙන තිබීම හේතුවෙන් දක්ෂිණ අධිවේගයේ කොට්ටාව පිවිසුම මාතර දෙසට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණා.

ඒ හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට වාහන ඇතුළු කිරීමේ කොට්ටාව පිවිසුම යළි විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.


(lknews)