IMF පළමු සමාලෝචනය ගැන ශ්‍රී ලංකාවට ප්‍රශංසාව

January 12, 2024 - 5:38 PM
IMF සිය වැඩසටහන යටතේ පළමු සමාලෝචනය සාර්ථකව නිම කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවට ප්‍රශංසා පළ කර තිබෙනවා.

එහිදී රටේ ධනාත්මක ආරම්භය සහ සැළකිය යුතු බලපෑමක් ඇති කර ඇති අතර, අභියෝගාත්මක ප්‍රතිසංස්කරණ සඳහා එහිදී සිදු වූ කැපවීම පිළිබඳව IMF විධායක මණ්ඩලය විසින් පිළිගෙන තිබෙනවා.

එමෙන්ම, මෙරට ආර්ථික පරිහානියට හේතු වූ කරුණු නිශ්චය කරමින් එම තොරතුරු මෙරට රජය විසින් ප්‍රකාශයට පත් කිරීම ආසියානු කලාපය තුළ සිදු කළේ ප්‍රථම වතාවට බව ද එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව දක්වන ප්‍රගතිය පිළිබඳව එහි අධ්‍යක්ෂවරු ශ්‍රී ලංකාව ප්‍රශංසාවට ලක්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනු ලබන්නේ.
(lknews.lk)