ICCයෙන් කුමාර් ධර්මසේන ගැන විනිශ්චයක්

September 08, 2023 - 4:17 PM
එළඹෙන මස ආරම්භවන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සඳහා විනිසුරුවන් සහ තීරකවරුන් නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලිය සඳහා විනිසුරුවන් 16 දෙනෙක් සහ තරග තීරකවරුන් 4 දෙනෙක් නම්කර ඇති බව සඳහන්.

ඒ අතර ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන ද සිටිනවා.

ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතයි.

එහි තරග විනිසුරුවන් ලෙස කුමාර් ධර්මසේන සහ ඉන්දියාවේ නිතින් මෙනන් නම්කර තිබුණා.
(lknews.lk)