කුසල් ජනිත් වාර්තාවක් අභියස

January 16, 2024 - 2:13 PM
ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 ජාත්‍යන්තර තරගවලදී වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වීමට කුසල් ජනිත් පෙරේරාට අවස්ථාවක් නිර්මාණය වී තිබෙනවා.

මේවනවිට ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි20 ලකුණු වාර්තා කර ඇත්තේ හිටපු ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ය.

ඔහු තරග 80කදී ඉනිම 79ක් ක්‍රීඩා කරමින් ලකුණු 1889ක් රැස්කර ඇත්තේ ශතකයක් සහ අර්ධ ශතක 13ක් සමඟින්.

එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය කුසල් ජනිත් පෙරේරාට හිමිව ඇත්තේ තරග 64කදී ඉනිම 63ක් ක්‍රීඩා කරමින් ලකුණු 1677ක් රැස්කරමින්.

ඔහු ඊට අර්ධ ශතක 13ක් එක්කර තිබෙනවා.

ඒ අනුව කුසල් ජනිත් පෙරේරාට ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 ජාත්‍යන්තර තරගවලදී වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වීමට තවත් ලකුණු 212ක් අවශ්‍ය වනවා.
(lknews.lk)

Monara