කුසල් ජනිත්ට බංගලාදේශ තරගය අහිමි වෙයි

March 01, 2024 - 11:10 AM
අසනීප තත්වයක් හේතුවෙන් කුසල් ජනිත් පෙරේරාට බංගලාදේශය සමග පැවැත්වෙන T20 තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඔහු වෙනුවට නිරෝෂන් දික්වැල්ල සංචිතයට එක් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නිරෝෂන් අද (01) දිනයේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව සඳහන් වනවා.

දෙරට අතර පළමු විස්සයි විස්ස තරගය ලබන සඳුදා මෙරට වේලාවෙන් පස්වරු 5.30ට සිල්හෙට් හිදී ආරම්භ වීමට නියමිතයි.
(lknews)