IPL වෙන්දේසිය කුසල්ව මග හරියි

December 19, 2023 - 6:45 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ශාන් මදුශංකව ඉන්දීය රුපියල් කෝටි 4.60ක මුදලකට මෙවර IPL වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබෙනවා.

එය ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් 554,000ක්.

IPL වෙන්දේසියේ පළමු වටයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ව මිලදී ගැනීමට කිසිඳු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

එහිදී ඔහුගේ මූලික වටිනාකම ලෙස ඉන්දියන් රුපියල් ලක්ෂ 50ක් පමණක් ඉදිරිපත්වුණා.

මේ දක්වා වෙන්දේසි වූ ක්‍රීඩකයින් අතරින් පැට් කමින්ස් අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම ගෙවීමක් කරමින් සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මිලදී ගත්තා.

ඒ ඉන්දීය රුපියල් කෝටි 20.5 කටයි.

එමෙන්ම ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් මිලියන 15කට මිලදී ගනු ලැබුවා.
(lknews.lk)