LPL 2024 - CS Vs KF | Colombo Strikers කණ්ඩායමට දැවැන්ත ජයක්

July 03, 2024 - 8:53 AM
LPL තරගාවලියේ Kandy Falcons කණ්ඩායමට එරෙහිව ඊයේ (02) පැවති තරගය ලකුණු 51කින් ජයග්‍රහණය කිරීමට Colombo Strikers කණ්ඩායම සමත් වුණා.

තරගයේ  පළමුව පන්දුවට පහර දුන් Colombo Strikers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 198ක් රැස් කළා.

එහිදී සධීර සමරවික්‍රම ලකුණු 48ක් සහ නායක තිසර පෙරේරා ලකුණු 38ක් ලබා ගත්තා.

Kandy Falcons කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී වනිඳු හසරංග සහ කසුන් රාජිත කඩුලු 2 බැඟින් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Kandy Falcons කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 147ක් පමණයි.

Colombo Strikers කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී Shadab Khan කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වූ අතර ඔහු නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 22ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් කඩුලු 4ක් බිඳ හෙලුවා.

එමෙන්ම දුනිත් වෙල්ලාලගේ ලකුණු 20කට කඩුලු 4ක් ලබා ගැනීමට සමත් වුණා.

(lknews)