LPL 2024 - KF - CS | තිසර තරගයේ ජය කොළඹට ගෙන දෙයි

July 06, 2024 - 7:22 PM
LPL තරගාවලියේ Kandy Falcons කණ්ඩායමට එරෙහිව අද (06) පැවති තරගය ලකුණු 2කින් ජයග්‍රහණය කිරීමට Colombo Strikers කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් Colombo Strikers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ 9ක් දැවී ලකුණු 199ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Kandy Falcons කණ්ඩායමට අවසන් පන්දුවට ලකුණු 3ක් අවශ්‍ය වූ අතර එහිදී ඇන්ජලෝ මැතිව්ස් දුවද්දී දැවී යාමකට හසු කරගන්නට තිසර පෙරේරා සමත් වුණා.

ඒ අනුව තරගය ලකුණු 2කින් ජයග්‍රහණය කිරීමට Colombo Strikers කණ්ඩායම ජය ගත්තා.

(lknews)