LPL 2024 | දඹුල්ල ඉවත් කරමින් නුවර අවසන් වටයට

July 17, 2024 - 9:45 AM
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ මූලික වටයේ පැවති අවසන් තරගයේදී Colombo Strikers කණ්ඩායමට එරෙහිව ලකුණු 28ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Dambulla Sixers කණ්ඩායම ඊයේ (16) සමත්වුණා.

එම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Colombo Strikers කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් Dambulla Sixers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 123ක් රැස් කරගත්තා.

ලකුණු 124ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය Colombo Strikers කණ්ඩායමට පන්දුවාර 18යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 95ක් පමණයි.

මෙම තරගය Dambulla Sixers කණ්ඩායම ජයග්‍රහණය කළද Dambulla Sixers කණ්ඩායමේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය Kandy Falcons කණ්ඩායමේ දළ ලකුණු ලබා ගැනීමේ වේගයට වඩා අඩු වීම හේතුවෙන් ඔවුන්ට මූලික තරගවලියේ මූලික වටයෙන්ම ඉවත්වීමට සිදු වුණා.

ඒ අනුව Galle Marvels, Jaffna Kings, Colombo Strikers, සහ Kandy Falcons කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තා.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය හෙට (18) පස්වරු 3.00ට Galle Marvels කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වෙනවා.

(lknews)