LPL 2024 | කොළඹ පිහිටෙන් නුවරට ගොඩ යන්න හැකි වෙයිද?

July 16, 2024 - 11:28 AM
2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මේ වන විට තරග 19ක් පවත්වා අවසන් වී තිබෙනවා.

ඒ අනුව මූලික වටයේ අවසන් තරගය අද (16) රාත්‍රී 7.30ට Dambulla Sixers කණ්ඩායම සහ Colombo Strikers කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ අවසන් වටයේ තරග සඳහා Galle Marvels, Jaffna Kings සහ Colombo Strikers කණ්ඩායම් සුදුසුකම් ලබා තිබෙනවා.

එම වටය සඳහා සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම අද පැවැත්වෙන තරගයෙන් තීරණය වනවා.

ඒ අනුව එම තරගය Colombo Strikers කණ්ඩායම ජයග්‍රහණය කළහොත් Kandy Falcons කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලබන අතර Dambulla Sixers කණ්ඩායමට මූලික වටයෙන් ඉවත්වීමට සිදු වනවා.

එමෙන්ම අද පැවැත්වෙන තරගය Dambulla Sixers කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වුවහොත් අවසන් වටයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම තීරණය වන්නේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුවයි.

මේ වනවිට LPL තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන පහතින්,



(lknews)