LPL 2024 | 3වන වරටත් ගාල්ල අනුශූරයන් කරමින් යාපනය 4වන වරටත් ශූරයන් වෙයි

July 22, 2024 - 10:09 AM
2024 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ අවසන් මහා තරගයේදී Galle Marvels කණ්ඩායම කඩුලු 9කින් පරාජයට පත් කරමින් LPL ශූරයන් බවට පත් වීමට Jaffna Kings කණ්ඩායම ඊයේ (21) සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් Galle Marvels කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 184ක් රැස් කළා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Bhanuka Rajapaksa පන්දු 34කින් ලකුණු 82ක් රැස් කර ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Jaffna Kings කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 4ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කළා.

Rilee Rossouw ලකුණු 106ක් සහ Kusal Mendis ලකුණු 72ක් රැස් කර ගත්තා.

ඒ අනුව Galle Marvels කණ්ඩායමට 3වන වරටත් LPL අනුශූරයින් බවට පත් කරමින් Jaffna Kings කණ්ඩායම 4වන වරටත් LPL ශූරයින් බවට පත් වුණා.

(lknews)