මෙවර උත්සව සමයේ ඉන්ධන පරිභෝජනයේ අඩුවක්

December 28, 2023 - 8:46 AM
මෙම වසරේ උත්සව සමය තුළ ඉන්ධන පාරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ශෙල්ටන් ප්‍රනාන්දු පැවසූවේ, ඉන්ධන සඳහා පාරි‍භෝගික ඉල්ලුම 50%කින් පමණ අඩු වී ඇති බවයි.

මේ අනුව පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිලදී ගැනීම සඳහා සහනයක් ලබාදෙන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලීමක් කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(lknews.lk)