ලක්ෂ්මන් යාපාට තවත් වගකීමක් පැවරෙයි

March 15, 2024 - 3:50 PM
උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධූරයෙහි වැඩ බැලීම සඳහා වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන පත් කර තිබෙනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

ඔහුට එම පත්වීම ලබා දී ඇත්තේ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් විදේශ ගතවීම හේතුවෙනි.

ඒ අනුව මහීපාල හේරත් ආණ්ඩුකාරවරයා නැවත දිවයිනට පැමිණෙන තෙක් මාර්තු මස 13 වන දින සිට උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධූරයෙහි ලක්ෂ්මන් යාපා අබේවර්ධන කටයුතු කරනවා.
(lknews.lk)