මෙගාවොට් 4000 ව්‍යාපෘති සඳහා ඉඩම් හඳුනාගැනේ

October 07, 2023 - 2:07 PM
පුනර්ජනනීය ප්‍රභවයගෙන් විදුලි නිෂ්පාදනය ඉහළ දැමීමේ වැඩසටහන යටතේ මෙගාවොට් 4000 ව්‍යාපෘති සඳහා ඉඩම් හඳුනාගැනීම මේ වන විට ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

එම සැලැස්ම අනුව මෙගාවොට් 3000ක බිම්ගත සූර්ය පැනල සහ ජලය මත පාවෙන සූර්ය පැනල මගින් විදුලිබලය උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එමෙන්ම මෙගාවොට් 1000 ක සුලං ප්‍රභව මගින් විදුලිබලය උත්පාදනය කිරීමේ ව්‍යාපෘති සදහා වන අවශ්‍ය ඉඩම් හදුනාගැනීම් සහ ජල ප්‍රභව හදුනාගැනීම් සිදුවන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
(lknews.lk)