ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

October 23, 2023 - 3:22 PM

නායයාමේ අවදානමක් හේතුවෙන් හල්දුම්මුල්ල ප්‍රදේශයේ පවුල් 99 ක් තාවකාලික නිවාස වෙත යොමු කර තිබෙනවා. 

ඔවුන් ඉවත් කිරීමට බලධාරීන් කඩිනම් පියවර ගැනීමෙන් පසු ස්ථාන තුනක ඔවුන්ට රැකවරණය ලබා දී තිබෙනවා. 
 
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කරන ලද ඇගයීම් මත ප්‍රදේශවාසීන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි. 
 
එමෙන්ම බදුල්ල ප්‍රදේශයේ පවුල් 119 කට අයත් පුද්ගලයින් 455 දෙනෙකු මේ වනවිට වෙනත් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙන බව ද එම මධ්‍යස්ථානය සඳහන් කළා. 
 
2014 ඔක්තෝම්බර් මාසයේ දී කොස්ලන්ද, හල්දුම්මුල්ල ප්‍රදේශයේ නාය යෑමකින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
 
මේ අතර දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
(lknews.lk)