තවත් ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරේ

October 24, 2023 - 7:11 AM
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් තවත් ප්‍රදේශ 6ක් සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රදේශය සඳහා ඉදිරි පැය 24 දක්වා ක්‍රියාත්මක වන පරිදි පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව සඳහන්.

එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ ප්‍රදේශය, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන සහ වරකාපොළ ප්‍රදේශ සඳහා ද ඉදිරි පැය 24 සඳහා ක්‍රියාත්මක වන පරිදි පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගලවෙල සහ රිදීගම ප්‍රදේශ සඳහාද පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති බව සඳහන්.

ඊයේ පස්වරු 3 සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නායයෑමේ අනතුරු ඇඟවීම පහතින්…
(lknews.lk)