නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

October 17, 2023 - 9:45 AM

දිස්ත්‍රික්ක 9ක ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල , ගාල්ල ,හම්බන්තොට ,මහනුවර ,මාතලේ ,නුවරඑළිය ,කෑගල්ල ,මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑමේ නිවේදන නිකුත් කර ඇති අතර අද (17) පස්වරු 4 දක්වා එය බලපැවැත්වෙනු ඇති.
(lknews.lk)