දිස්ත්‍රික්ක 10කට නායයෑමේ අනතුරු ඇඟවීම්

December 14, 2023 - 11:58 AM

බදුල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව පනවා ඇති එම අනතුරු ඇඟවීම් අද (14) සවස 3.30 දක්වා බලපැවැත්වෙනු ඇති.
(lknews.lk)