දිස්ත්‍රික්ක 6කට නායයෑමේ අනතුරු ඇඟවීම්

January 03, 2024 - 12:26 PM

දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

බදුල්ල, මොණරාගල, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකටයි එම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත්තේ.

එමෙන්ම තවදුරටත් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන පනවා ඇති අතර මේ අනතුරු ඇඟවීම් අද (03) සවස 3.30 දක්වා බලපැවැත්වෙනු ඇති.
(lknews.lk)