දිස්ත්‍රික්ක 05කට නායයෑමේ අනතුරු ඇඟවීම්

January 13, 2025 - 10:07 AM
මෙරට ප්‍රධාන ජලාශ 73න් 27ක් මේ වන විට වාන් දමන මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එහි සඳහන් වන්නේ බදුල්ල, මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය ප්‍රදේශවලට පූර්ව අනතුරු ඇඟවීමේ කහ නිවේදනයක් නිකුත් කර ඇති බවයි.

මෙම නිවේදනය ඊයේ (12) රාත්‍රී 8.30 සිට අද (13) රාත්‍රී 8.30 දක්වා වලංගු වන බවයි වාර්තා වන්නේ.

(lknews)