තවදුරටත් බලපැවැත්වෙන නායයෑමේ අනතුරු ඇඟවීම්

November 09, 2023 - 9:28 AM

තවදුරටත් දිස්ත්‍රික්ක හයක ප්‍රදේශ කිහිපයකට පනවා තිබු නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා.

ඒ අනුව බදුල්ල ,හම්බන්තොට ,මහනුවර ,මාතර,කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර ඇති අතර එය අද (09) සවස 3.00 දක්වා බලපැවැත්වෙනු ඇති.
(lknews.lk)