ලංකා සතොස භාණ්ඩ මිල අඩු කරයි

March 22, 2024 - 12:11 PM
උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 9ක මිල අඩු කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 650ක් පැවති ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 100 කින් අඩු කර ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම රතු කව්පි රුපියල් 52කින් සහ සුදුකව්පි 1kg රුපියල් 50 කින් අඩු කර තිබෙනවා.  

ඔවුන් පවසන්නේ, දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් ජාලයෙන් එම භාණ්ඩ මිල දී ගත හැකි බවයි.
(lknews.lk)