රොනී ද මෙල්ගේ අවසන් කැමැත්ත

February 29, 2024 - 10:09 AM
හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රොනී ද මෙල් පසුගිය 27 වන දින පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණා.

ඒ මහතාගේ දේහය අද පස්වරුවේ රුහුණ විශ්ව විද්‍යාලය වෙත රැගෙන යාමට නියමිතයි.

අවසන් කැමති පත්‍රයට අනුව දේහය මහජන ගෞරවය සඳහා පාර්ලිමේන්තුවේ තැන්පත් නොකරන ලෙස ඒ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා පැවසුවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (1) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.  
(lknews.lk)