අධි මාත්‍රා එන්නතෙන් අවසන් පිරිමි සීබ්‍රා මිය යයි

March 14, 2024 - 2:43 PM
මෙරට සිටි අවසන් පිරිමි සීබ්‍රා සත්වයා මිය ගොස් ඇති බව දෙහිවල ජාතික සත්වෝද්‍යානය පවසනවා.

එම සීබ්‍රා මිය ගොස් ඇත්තේ, රිදියගම සෆාරි උද්‍යානයේ සිට අභිජනන කටයුත්තක් සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට රැගෙන ඒමෙන් පසුවයි.

සත්වයා රැගෙන ඒමේදී අධි මාත්‍රාවෙන් ලබා දුන් එන්නතක් මෙම සත්වයා මිය යාමට හේතු වූ බව දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයින් චෝදනා කරනවා.
(lknews.lk)