අප්‍රිකානු සූකර උණ රෝගයේ නවතම තත්ත්වය

November 30, 2024 - 4:20 PM
අප්‍රිකානු සූකර උණ රෝගය මේ වන විට යම් මට්ටමකින් පාලනය කර ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි සඳහන් කළේ රෝගය වැළඳී නොමැති ගොවිපොළවල මස් නිවැරදි ක්‍රමවේදය යටතේ මිනිස් පරිභෝජනය සඳහා යෙදවීමට පියවර ගන්නා බවයි.

එමන්ම අප්‍රිකානු සූකර උණ රෝගය වැළදීම හේතුවෙන් ගොවිපොළවල් රැසක් මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව එහි හිමිකරුවන් පවසනවා.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ සිය ව්‍යාපාරය යළි ගොඩනැඟීම සඳහා වන්දි මුදලක් ලබාදීමට රජයෙන් පියවර ගත යුතු බවයි.

(lknews.lk)