ලාෆ්ස් ගෑස් මිලත් පහළට

April 01, 2024 - 3:40 PM
අද ( 01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 625 කින් අඩු කිරීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 4,111කි.

එමෙන්ම කිලෝ ග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල 1,652ක් ලෙස පහත දැමීමට තීරණය කර තිබෙනවා.
(lknews.lk)