තැපැල් සේවකයින්ගේ නිවාඩු හදිසියේම අවලංගු කෙරේ

November 08, 2023 - 8:24 AM
වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. 

ඒ තැපැල්පති රුවන් සත්කුමාර මහතා විසින්. 
 
ඒ අනුව 8,9,10 දින තුන තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු බවයි ඔහු පැවසුවේ. 
 
කෙසේවෙතත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් ක්‍රියාත්මක වන පරිදි තම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය සඳහන් කළේ.
(lknews.lk)