නීති ආධාර නොමිලේ ලබා දීමට නීතිඥ සංගමය තීරණය කරයි

September 08, 2023 - 2:29 PM
ලබන 25 සිට ඔක්තෝබර් මස 1 වැනිදා දක්වා ජනතාවට නීති ආධාර නොමිලේ ලබාදීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ, ජාතික නීති සතිය නිමිත්තෙන්.

මේ සමඟ සමාජ සුබසාධන වැඩසටහන් මාලාවක්දි වයින පුරා සංවිධාන කිරීමට නියමිතයි.

මෙලෙස මහජනතාවගේ නීතිමය දැනුම වැඩි කිරීම, සිවිල් අපරාධ ගැටළුවලට නොමිලේ නීති උපදෙස් ලබාදීම, නීතිපති උපදෙස් කඩිනම් කිරීම හා බන්ධනාගාර රැඳවියන්ගේ දීර්ඝකාලීන ගැටලු නිරාකරණය කිරීම සඳහා නීති උපදෙස් ලබා දෙන බව සඳහන්.

මේ අතර නොමිලේ නීති ආධාර සේවාවක් කොළඹ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේදී සහ තවත් මධ්‍යස්ථාන 6කදී ලබන 28 සහ 29 දෙදින පැවැත්වීමට ද සංගමය කටයුතු යොදා තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කළේ, මෙම වැඩසටහන් සඳහා 0113133864 සහ 0113133872 යන දුරකතන අංක ඔස්සේ එම සංගමයේ ලේකම් ඉසුරු බාලපටබැඳි මහතා ඇමතීමෙන් ලියාපදිංචි විය හැකි බවයි. 
(lknews.lk)