සී. ඩී. ලෙනවගේ පෙත්සම නිෂ්ප්‍රභ කරයි

July 08, 2024 - 1:57 PM
ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

එහිදී පෙත්සම්කරුට රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක් ගෙවීමට නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)