මෙරට ලාදුරු රෝගීන් වැඩිවෙයි

October 21, 2023 - 11:04 AM
වසරේ ගත වූ කාලසීමාව තුළ ලාදුරු රෝගීන් 1,135ක් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය නිවේදනය කරනවා.

ඒ අනුව සැප්තැම්බර් මාසයේ පමණක් ලාදුරු රෝගීන් 175ක් සොයා ගැනීමට හැකි වූ බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළා.

රෝගීන් හඳුනා ගැනීම සඳහා වැඩිම රෝගීන් වාර්තා වන ප්‍රදේශ සිතියම්ගත කිරීමට පියවර ගෙන ඇති බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
LK NEWS