තේ වගාකරුවන්ට පොහොර අඩුවෙන් ලබා දෙනවා - ඇමති මහින්ද අමරවීර

March 03, 2024 - 9:34 AM
තේ සඳහා යොදන පොහොර වෙළෙඳපොලේ අලෙවි කරන මිලට වඩා රුපියල් දෙදහසක් අඩුවෙන් වගාකරුවන්ට ලබා දෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

රජයට අයත් කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම නිෂ්පාදනය කරන සියලු තේ පොහොර එලෙස ලබාදෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)