අවම වියදමකින් නිදහස් දිනය සමරමු - අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න

December 30, 2024 - 7:59 PM
එළඹෙන වසරේ යෙදෙන 77වන ජාතික නිදහස් සැමරුම් දිනයට අදාළව පැවැත්වීමට නියමිත උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී අවම වියදමකින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.

අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න ප්‍රකාශ කළේ ආර්ථිකය බිඳ වැටෙමින් පවතින මෙවන් අවස්ථාවකදී මෙම උත්සවය අවම වියදමකින් සිදු කළ යුතු බවයි.

ඒ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අද (30) පැවති නිදහස් සැමරුම් උත්සව සංවිධාන කමිටු රැස්වීමට සහභාගී වූ අවස්ථාවේදීයි.

තවද නිදහස් දින සැමරුම් උත්සවය ජනතාවට නැරඹීමට ඉඩ සලසා දීමටද කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(lknews)