සිංහයන් ICC ශ්‍රේණිගත කිරීම්වල ඉහළට

August 09, 2024 - 7:25 PM
නවතම ICC ශ්‍රේණිගතකිරීමට අනුව එක්දින කණ්ඩායම් අතර 06 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකි වී තිබෙනවා.

ඒ පසුගියදා ප්‍රබල ඉන්දියාව සමඟ පැවති එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීමත් සමඟයි.

නමුත් මේ වන විට තවමත් එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉන්දීය කණ්ඩායම පළමු ස්ථානයේ රැඳී  සිටීමට සමත් වී තිබෙනවා.

(lknews)