ළමා අපයෝජකයින්ගේ නම් ලැයිස්තුවක් ළඟදීම - ජාතික ළමා රක්ෂණ අධිකාරිය

March 07, 2024 - 10:10 AM
ළමා ලිංගික අපයෝජන චෝදනාවන්ට වරදකරුවන් වූ පුද්ගලයින්ගේ නාමලේඛනයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.

අදාළ පුද්ගලයින්ගෙන් ළමුන්ට පවතින අවදානම පිළිබඳව සලකා බලා මෙම පියවර ගෙන ඇති බව එම අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා  කියා සිටියා.

ඔහු මෙම අදහස් පළ කළේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
(lknews.lk)