ලිට්‍රෝ සමාගමට බිලියන 7ක ලාභයක්

January 26, 2024 - 5:50 PM
ලිට්‍රෝ ගෑස් සමාගම රුපියල් බිලියන 7ක ලාභයක් ලබා ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.

අද (26) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළා.

එමෙන්ම 2023 වසරේ දී ලාභාංශ ලෙස රුපියල් බිලියන 1.5ක් මහා භාණ්ඩාගාරය වෙත ලබාදෙන බවයි ඔහු සඳහන් කළේ.
(lknews.lk)