සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීමට ණය ඇපකර දීම වසර අවසානයේ

September 28, 2023 - 2:08 PM
ආර්ථික අර්බුදය හමුවේ වඩාත්ම පීඩාවට පත්ව ඇති ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම සඳහා ණය ඇපකර ලබාදීම වසරේ ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ආර්ථිකයේ යම් පිබිදීමක් සිදු වෙමින් පැවතියද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අර්බුදයක සිටින බවයි අමත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ වනවිට අදාළ ණය ඇපකර ලබාදීම සඳහා ජාත්‍යන්තර සංවිධාන සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙන බවද සඳහන්.

එමෙන්ම දළ දේශීය නිෂ්පාදිතයෙන් 52%කට සහ රැකියා නියුක්තියෙන් 45%කට දායකත්වය දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය රැක ගැනීම මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ ප්‍රධාන සාධකයක් වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
(lknews.lk)